ඔන්න කලින් M8 ගැන කියුවා වගේම.. එදා දානවා කියලා පොරොන්දු වුනු අල්ට්‍රාපික්සෙල් ගැන කතා කරන්න හිතුවා.මේ ගැන හරි හැටි නොදන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.

 මේ අල්ට්‍රා පික්සෙල් තාක්ශනේ ලෝකෙට හන්දුන්වලා දුන්නේ HTC එකම තමා..මේක එයාලගෙම ටෙක්නොල්ජි එකක් මිසක් කාගෙන්වත් හොරකම් කරපු එකක් එහෙම නෙමේ.මුලින්ම අල්ට්‍රා පික්සෙල් කැමෙරා එකක් ආවේ අපි කවුරුත් දන්න ONE family එකේ ප්‍රථමයා වුනු M7 මලයන්ඩිට.මේවගෙම කැම්රා දෙකක් එක්ක ඊට වඩා ප්‍රොෆොශෙනල් මට්ටමේ ඉමේජ් චිප්,සෙන්සර්ස් සහිත කැමරාවක් තමා  M8 එකට බාවිතා  කරලා තියෙන්නෙ


  අල්ට්‍රා පික්සෙල් කියන්නේ නෝමල් මෙගාපික්සෙල් වල පික්සෙල් සයිස් එකට වඩා පික්සෙල් සයිස් එකෙන් ලොකු කියන අදහසයි,ඒ වගේම මේකෙ තියෙන විශේසත්වය තමයි අඩු ආලෝක තත්වයන් වලදි නොර්මල් මෙගාපික්සෙල් සෙන්සර් එකකට වඩා 300% ගුනයකින් ආලෝකයට සංවේදි වැඩීවීම(පික්සෙල් සයිස් එක ලොකු වෙන්න වෙන්න කැම් එකේ ලොව් ලයිට් වලදි පෙර්ෆොර්ම් කරනවා) ඒ වගෙම 300MS(M8 වල විතරයි) වැනි සුලු කාලයක්දි ඉක්මනින් ඔටෝ ෆෝකස් කිරීමේ හැකියාවක් පවතිනවා මේ නිසා DSLR මට්ටමේ චායාරූප වලට සමාන අන්දෙමේ චායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.


  හැම දේකම හොන්ද පැත්ත වගේ නරක පැත්තත් තියනවනේ.. 4අල්ට්‍රා පික්සෙල් කැම් එකේ තියෙන පුංචි අඩුපාඩුවක් තමා රෙසලූශන් මදිකම ඉතින් මේ නිසා පික් එකේ zooming dtails 13මෙගාපික්සෙල් වගේ කැමෙරා එකක් එක්ක බලනකොට අඩු ගහතියක් පේනවා,මම කියුවේ zooming dtails හොන්දේ පික් එකේ කොලිටි මදි කියලා නෙමේ ඔන්න,ඒත් ඒක ලොකූ අඩුපාඩුවක් නම් නෙමේ මොකෝ අපි බැනර් ඇඩ් වගේ ගහන්න ෆෝන් එකෙන් ෆොටෝ ගන්නේ නෑනෙ ඉතින් අපේ ගොඩක් අය හිතන් ඉන්නේ මෙගා පික්සෙල් වැඩි වෙන්න වෙන්න කොලිටි එක වැඩී කියලයි ඒත් එහෙම වෙන්නෙ නෑ මෙගාපික්සෙල් වැඩි වෙන්න වෙන්න වෙන්නේ රෙසලූශන් වැඩි වෙන එකයි,හරියට ටී.වී එකක අන්ගල් ගාන වැඩි වෙනකොට සයිස් එක වැඩි වෙනවා වගේ (මේ පහලින් දාලා තියෙන්නේ 4Mp එකෙන් ගනිපු ෆොටෝස්)

1.Day Light (M8)


2.M7



3.Low Light (M8 10.42PM)


කැමෙරා ටිප්ස් පාර්ට් 1 ගැන බලන්න මෙතන ක්ලික්ක් කරන්න  
DUO EFFECTS ගැන බලන්න මෙතන ක්ලික් කරන්න

 එහෙනම් මං ගියා  ඊලගට Duo Effect ගැන දාන්න තමා හිතන් ඉන්නේ,මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් කොම්මෙන්ට් එකක් දැම්මට,අඩුපාඩු තියනවනම් පෙන්නුවට පාඩුවක් නෑ නිකන්ම නිකමා වගේ බලලා යන්නෙ නැතුව ;)


ඔන්න ඉතින් අද මන් ඔය ගොල්ලෝ පාවිච්චි කරන සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් එකකට කොහොමද සොෆ්ට්වෙයාර් ගහන හැටි කියල දෙන්න.. මහ ලොකු වැඩක් නම් නෙවෙයි මාරම ලේසි වැඩක් මේක සැම්සුන්ග් ෆෝන් වලට ඔෆීශිල් එහෙමත් නැත්තම් ස්ටොක් රොම් හා සමහර කස්ටම් රොම් ගහන්නේ මේ විදිහට තමයි ... ගොඩක් වෙලාවට අපි මේකෙන් වැඩක් ගන්න හේතූව තමයි අපේ ෆෝන් එකට අපි වැඩ කිඩ දාන්න ගිහින් ෆෝන්  එක කෙල උනාම මේකෙන් තමයි ගොඩ දාන්නේ විශේෂයෙන්ම රූට් කරන්න ගිහින් කෙලව ගන්න අයට  නම් මේක ගොඩක් වටිනවා. තව පොඩි වැඩකට මේක අපි ගන්නව ඒ තමයි අපේ රටට  රිලීස් කරන්න කලින් ඉතින් යුරෝපීය රටවල් වලට නෙහ් මුලින්ම ඔය අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් රිලීස් කරන්නේ .. ඉතින් අපිට අපේ රටට කියලා රිලීස් කරන්න කලින් අපි කරන්නෙ වෙන රටකට දීපු අප්ඩේට් එක අපේ ෆෝන් එකට ඔඩින් එක යූස් කරලා මැනුවල් අප්ඩේට් කරන එක.. ඔන්න ඔය වගේ වැඩවලට ඔනා දෙයක් ගැන තමයි මන් අද ඔය ගොල්ලන්න්ට කියල දෙන්න යන්නේ... වැඩි බයිලා ඔන්න නෑ අපි දැන් ගේමට බහිමු..

බලමු දැන් අපිට මුලින්ම ඔනා කරන් ගැජමැටික්ස් මොනවද කියලා :D

මුලින්ම හොඳ ලූස් නැති ඩේටා කේබල් එකක්.
තව Samsung USB Drivers ඒක මෙතනින් බාගන්න.
තව Odin මෙන්න මේකෙන් තමා ගේම දෙන්නේ ඒක බාගන්න මෙතනින්.

ඊලගට අපිට කරන්න තියෙන්නෙ ෆෝන් එකට හරියන අප්ඩේට් එක බාගන්න ඒ සදහා අපිට සිද්ද වෙනවා Sammobile එකේ හරි Samsung-Updates යන සයිට් දෙකෙන් එකක රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් උනා කියලා කිසිම පාඩුවක් නම් වෙන්නෙ නෑ..

Sammobile එකට මෙතනින්.
Samsung-Updates එකට මෙතනින්.

හැබැයි ඔයගොල්ලෝ ඔය සයිට්  දෙකෙන්  බාන අප්ඩේට්ස් ෆයිල් ඔයගොල්ලොන්ගේ ෆෝන් වල මොඩල් නම්බර් එක හා අනිත් අකුරු පොඩ්ඩක් වත් වෙනස් වෙන්න බෑ වැරදිලාවත් ඔයගොල්ලොන්ගේ ෆෝන් එකට වැරදි රොම් එකක් ගැහුවොත් ඉතින් සොරිම තමා...
උදාහරණයක් :- Samsung S3 3G (GT-I9300) එකට  Samsung S3 4G (GT-I9305) හේ රොම් එක ගැහුවොත් බඩු බනිස් තමා ඉතින්. ඒ හන්දා හොදට බලලා රොම් එක බා ගන්න ..

හරි නෙහ් එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු.

ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන්ම බැටරිය  80%  පන්නලා තියෙන්න ඕනා.

මුලින්ම ඔයාගේ කම්පුටර් එකට Samsung USB Drivers ඉන්ස්ටෝල් කරලා කම්පුටර් එක Restart කරන්න .

ඊට පස්සෙ ඔයාගේ  කම්පියුටර් එකේ Odin ඕපන් කරන්න.

ඊට පස්සෙ ඔයාගේ ෆෝන් එක ඕෆ් කරන්න.

පස්සෙ ෆෝන් එක Download Mode එකට ගන්න.. එහෙම කරන්නෙ ඔයා මුලින්ම ෆෝන් එකේ වොලියුම් ඩවුන් එක ඔබාගෙන ඊට පස්සෙ හෝම් කී එකත් ඔබාගෙන පවර් බටන් එකත් ඔබාගෙනම ෆෝන් එක ඔන් කරන්න..ඔය පහල පින්තූරේ වගේ



ඔහොම ඔබාගෙන හිටියට පස්සෙ මෙහෙම එයි ඊට පස්සෙ වොලුයුම් අප් බටන් එක ඔබන්න.



හරි නෙහ්හ් ඉටා පස්සෙ පහල පින්තූරයේ වගේ තමා ඩවුන්ලෝඩ් මුඩ් එක එන්නෙ.



හරි නෙහ් ඊට පස්සෙ ඔය පහල පින්තූරේ විදිහට හරි දැන් ඔයාගෙ ෆෝන් එක ඔහොමම තියෙද්දි ඔයා ෆෝන් එක USB කේබල් එක කම්පියුටර් එකට ගහන්න.

ඊට පස්සේ  අර ඔයා ඩවුන්ලෝඩ් කර ගත්ත අප්ඩේට්  Zip ෆයිල් එක එක්ස්ට්‍රැක් කර ගන්න සාමන්යෙන් ඒ ෆයිල් එකක් තියෙන්නෙ .TAR හරි .MD5 කියන විදිහට ඔයා ගත්ත ෆයිල් එක කෙලින්ම ඔය විඩිහට තියෙනවා නම් මුකුත් කරන්න යන්න නම් එපා..

ඊට පස්සෙ ඒ ෆයිල් එක ඔඩින් එකෙ PDA කියන තැනට ඇඩ් කරන්න  මෙන්න මේ විදිහට

තව ඔය දාල තියෙන ටික් දෙක එහෙමම තියන්න අනිවාර්යෙන්ම වෙන ටික් දාන්න යන්නත් එපා ඔය ටික් අයින් කරන්න යන්නත් එපා.


ඊට පස්සෙ Odin එකේ ඔයාගේ ෆෝන් එකේ ඩ්‍රයිවස් ගානට ඉස්ටෝල් උනාට පස්සෙ නිල් පාටට මෙහෙම වැටෙයි.

අන්තිමට ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ Start කියන එක ඔබන්න.


හරි නෙහ් කලින් පියවර ටික ගානට උනා නම් ඔය පහල පින්තූරේ වගේ Pass කියල කොල පාටට වැටිලා තියෙයි. හැබැයි ෆෝන් පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යයි ඒක ගනන් ගන්න එපා ඔන් වෙන්න වෙලා ගියා කියලා බැටරිය නම් ගලවන්න යන්න එපා.


හරි නෙහ් එහෙනම් . ඔන්න එහෙනම් මම ගියා ඔයා වැඩේ හරියට කරානම් කඩේට පූජා කරන්න ගිය රුපියල් 1000ක් 2000ක් බේර ගත්තා,,

මේක සාර්තකත්වය  හෝ අසාර්තකත්වය  ඔයාගේ අතේ තියෙන්නෙ.. වැඩේ ගොඩ දාගන්න කියල එහෙනම් අපි කිව්වා.. ;)






ඔන්න ඉතින් හා හා පුරා කියලා අපේ අලුත් බ්ලොග් එකේ වැඩ පටන් ගත්තා....දැන් ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති අපිට කලින් බ්ලොග් එකක් තිබ්බද කියලා.. ඔව් ඔව් අපිට බ්ලොග් එකක් තිබ්බ. ඒ තමයි අපේ HTC ලෝකය ලෝකය බ්ලොග් අඩවිය :D

තව අපි Android චණ්ඩියෝ™ කියලා අපේම ෆේස්බුක් සමූහයක් පටන් ගත්තා 2015-09-13 ,,,, අපි ඒ සමූහය සහ මෙම බ්ලොග් අඩවිය හදන්න තීරණය කලේ අපි මුලින්ම ලංකාවේ පලවෙනි වතාවට  HTC ෆෝන් වලටම වෙන් වුනු ෆේස්බුක් සමූහයක් හැදුවා ඒ තමයි අපේ  HTC ලෝකය ෆේස්බුක් සමුහය ඉතින් එකේ ගොඩක් කට්ටිය
HTC ෆෝන් ගැන දන්න දේ නොදන්න අයට කියලා දෙන්න ලොකු උපකාරයක් වූ සමූහයක් වුනා... ඔන්න ඉතින් මේ අතරෙදි තමයි ගොඩක් කට්ටිය අපෙන් ඇහුවා "අනිත් ෆෝන් වලට එන ගැටලු වලට වලට ඔයගොල්ලන්ට උදව් කරන්න බැරිද? "  කියලා ඉතින් ඒකට පිලිතුරක් වශයෙන් තමයි අපි අපිටම කියලා ෆේස්බූක් සමූහයක් සහ බ්ලොග් අඩවියක් පටන් ගන්න තිරනය කරේ..


ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ යාලුවන්ට වැදගත් කරුණු රැසක් මේ අපේ බ්ලොග් අඩවිය හා
ෆේස්බුක් සමූහය තුලින් අරන් එන්න....

Powered by Blogger.